Subscribe:

Ads 468x60px

Labels

Friday, August 24, 2012

RAM Disk - වියදමක් නැතුව SSD එකක speed එක ඕනෙද?




                       RAM Disk එකක් create කිරීම මගින් අපි අපේ PC එකේ virtual hard drive එකක් හදාගන්නවා.මේක කරන්නේ කොහොමද කියල තමයි මම දැන් කියන්න යන්නේ.

                      ඔබ කවදාවත් විශ්වාස කරාද ඔබගේ PC එකට SSD(Solid State Drive) එකක් install නොකර SSD එකක් වගේ පාවිච්චි කරන්න virtual hard drive මගින් (සම්පූර්ණයෙන්ම RAM එක මගින් ක්‍රියාත්මකවන) පුළුවන් වෙයි කියලා.මේකෙන් හැදෙන output එක තමයි මේ RAM Disk කියලා කියන්නේ.මේක හදන එක ටිකක් සංකීර්ණ වැඩක් වුනත් ඔයාගේ PC එකේ ප්‍රමාණවත් තරම් RAM memory එකක් තියෙනවනම් RAM Disk එකක් හදන එක ගොඩක් ප්‍රයෝජනවත් වැඩක් වෙයි කියන එකයි මගෙනම් අදහස.

                     මොකක්ද මේ RAM Disk එක කියන්නේ?නමෙන්ම කියනවා ඒක මොකක්ද කියලා:ඒ කියන්නේ ඔයාගේ පරිඝනකයේ RAM එකේ ගබඩා වෙලා තියෙන virtual hard drive එකක්.RAM Disk එකක් create කරන්න ඒ සඳහා විශේෂයෙන්ම සකස්කරන ලද software තියෙනවා.ඊට අමතරව system memory එකේ ඉතිරිව ඇති memory  ප්‍රමාණයෙන් කොටසක් මේ සඳහා භාවිත කරනවා.සාදන ලද මේ RAM Disk ඒක ඉන්පස්සේ වෙනම drive එකක් විදිහට පෙන්නනවා.සාම්ප්‍රදායික hard drive එකත් එක්ක compare කරද්දී RAM එකේ වේගය ගොඩක් ඉහල අගයක් ගන්නවා.පහල තියෙන diagram එකෙන් ඒක තවත් පැහැදිලි වෙනවා.




 RAM Disk එකක් create කිරීමෙන් ලැබෙන වාසි සහ අවාසි:
     RAM Disk එකේ read/write speed ඒක හොඳම SSD එකකටත් වඩා ඉහල අගයක් ගන්නවා.මෙම හේතුව නිසා ලොකු program එකක් read/write කරද්දී ඉතා ඉක්මනින් එම කාර්යය කරගන්න අපිට පුළුවන් වෙනවා.RAM Disk  එකෙන් අපිට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ අපි සම්පූර්ණ program එකක් එකේ install කරොත් තමයි.උදාහරණයකට අපි Word, Excel, Firefox වගේ program එකක් hard drive එකේ install කරන්නේ නැතුව RAM Disk එකේ install කරොත් ඒ program එක hard drive එකට වඩා දෙගුණයක් පමණ ඉක්මනට load වෙනවා.Games වුනත් මේවිදිහට අපිට RAM Disk එකේ install කරගන්න පුළුවන්.එත් ප්‍රශ්නේ තමයි ඒක ලොකු memory එකක් use කරනවා. 

       ඇත්ත වශයෙන්ම RAM Disk භාවිතයේ වාසි මෙන්ම අවාසිද තියෙනවා.දත්ත ගබඩා ධාරිතාවය බලවත් ලෙස සීමාවී තිබීම(hard drive එකට සාපේක්ෂව) මෙහි ඇති එක් මූලික දුර්වලතාවයකි.Virtual Drive එකේ විශාලත්වය තම පරිඝනකයේ RAM ධාරිතාවය මත රදාපවතිනවා.සාමාන්‍යයෙන් windows 7 ක්‍රියාත්මකවන PC එකක අවමවශයෙන් 4GB ram මතකයක් තිබිය යුතුය.එහෙම බලන කොට හදන RAM Disk එකේ උපරිම ධාරිතාවය 4GB වලට වගේ සීමාවෙනවා.යම්හෙයකින් PC එකේ power නැතිවුනොත් එකේ ගබඩා කරලා තියෙන සියලුම දත්ත අපට අහිමිව යනවා.එම දුර්වලතාවය මගහරවා ගන්න RAM Disk utility software  මගින් තමන් RAM Disk එකේ ගබඩා කරන දත්ත PC එක shutdown වෙද්දී ස්වයන්ක්‍රීයව hard drive එකෙත් save වෙන්න ක්‍රමයක් හදල තියෙනවා.එත් මේ ක්‍රමයෙන් වෙන්නේ PC ඒක නැවත on කරනකොට මේ hard drive එකේ ගබඩා වූ දත්ත සියල්ලම නැවත RAM Disk එකට save ඒක.මේ ක්‍රමය නිසා startup එක එන්න වැඩි කාලයක් ගතවෙනවා.  

දැන් බලමු අපි මෙච්චර වෙලා කතාකරපු RAM Disk එක හදන්නේ කොහොමද කියල...
 මේක හදන්න මම භාවිත කරන්නේ Dataram's RAMDisk කියන Software එක. අපි හදන RAM Disk එකේ size එක 4GB වෙනකන් අපිට මේ software එකෙන් free හදන්න පුළුවන්.අපි මේ program එක install කරලා run කරාම අපිට ලැබෙනවා  RAMDisk Configuration Utility කියන window එක.එකේ settings වල Unformatted  කියන disk-type option එක select කරලා අපිට ඕන RAM Disk size එක දෙන්න පුළුවන්.හැබැයි මේ software එකේ නම් ඒ size එක 4GB වලට අඩුවෙන්න ඕනේ.



 ඊළඟට අපි යනවා Load and save ටැබ් එකට.Shutdown කරනකොට RAM-disk එකේ data අපේ hard එකට save කරගන්න ඕනේ නම් Save Disk Image on Shutdown option එක tick කරලා disk image එක save කරන්න කැමති location එකක් දෙන්න.ඒ විදිහටම Load Image Settings වල Load Disk Image at Startup option එකත් tick කරලා එකට කලින් දුන්න file location එකම දෙන්න ඕනේ.ඊටපස්සේ Start RAMDisk  click කරලා Dataram driver එක PC එකේ install කරගන්න. 



 

දැන් තියෙන්නේ අපිට RAM Disk එක format කරගන්නේ කොහොමද කියල බලන්න...
 
                  දැන් තමයි වැඩේ ටිකක් සංකීර්ණ වෙන්න ගන්නේ.සමහර usersලගේ නම් මේ  අලුත් drive එක windows explorer එකේ අනිත් drives එක්ක පෙන්නනවා .එතකොට නම් කරන්න තියෙන්නේ RAM Disk එක right click කරලා format කියන එක click කරන එක. Allocation capacity එක වෙනස් නොකර file system එක NTFS වලට change කරන්න.
 අවාසනාවකට  වගේ මේක සමහර වෙලාවට එච්චර ලේසි නැහැ.සමහර වෙලාවට windows explorer එකේ මේ drive එක පෙන්නන්නේ නැහැ.එතකොට මේ formatting process එක manually කරන්න වෙනවා.එක මෙවිදිහට කරන්න.

 Open the Start menu--- right-click Computer--- select Manage

 එතකොට computer management system එක open වෙනවා.Black bar එකක් තියෙන   'Unknown' කියන ඩිස්ක් එක හොයාගන්න.ඊටපස්සේ disk's designation එක 'Unknown' ඉදන් 'Basic' වලට change කරන්න ඕනේ.දැන් black bar එක right-click  කරලා New Simple Volume  කිය එක select කරන්න.දැන් අපිට මේකෙන් වැඩගන්න පටන්ගන්න පුළුවන්. එත් මේකෙන් මොනවද කරන්න පුළුවන් සෙල්ලම්?



 

 දැන් අපි මේකෙන් සෙල්ලම් දාන්න පටන් ගමු.
     Browser caches ටි RAM Disk  එකට දාමු.
  • Internet Explorer- Tools > Internet Options > General වෙත යන්න .Browsing History  වල                                  Settings click කරන්න.Temporary Internet Files section එකේ Move Folder                                    button එක click කරන්න.RAM disk එකේ cache folder එකට Internet Explorer                               point කරන්න.දැන් වැඩේ හරි.
  • Firefox                - Address bar එකේ about:config type කරලා Enter කරන්න.එන  Preferences                                 list එකේ ඕනෙම තැනක right click කරලා new--string කරන්න. Preferences                                name එක විදිහට 'browser.cache.disk.parent_directory' දීලා string value                                   එක විදිහට RAM disk එක file path එක විදිහට දෙන්.

              කොහොමද මේ එක කියල මටත් කියන්න.මේකේ අඩුපාඩු ,හොඳ දේවල්  කරන්න.අදට ඇති.සුභ RAM Disk දවසක් වේවා...!!!







0 comments:

Post a Comment