Subscribe:

Ads 468x60px

Labels

Monday, September 3, 2012

හිතේ හැටියට Convert කරමු...




               මට ගොඩක් වෙලාවට ඕන වෙන software එකක් නිසා මට හිතුන මේක ගැන ඔයගොල්ලන්ටත් කියන්න.මේකේ නම Format Factory.Media files ඕන format එකකට convert කරගන්න කියපු භාණ්ඩේ.Open source එකක් නිසා තවත් හොඳයි.නොමිලයේම මේ link එකෙන් download කරගන්න පුළුවන්.
                                            http://format-factory.en.softonic.com/



  • Interface  
               Interface එක ගැන කතාකරොත් Format Factory software එක age icons කිහිපයකින් හා  විවිධ වර්ණ සංයෝග කිහිපයකින් සමන්විත skins 4 කින් යුක්තය.මීට අමතරව interface එකේ sidebar එක convert video,convert audio,convert images සහ burn it කියන options වලින් සමන්විත වෙලා තියෙනවා.තවද භාෂාවන් 48 කට support කරන නිසා ඕනෑම කෙනෙකුට Google translate හරහා මේ software එක තමන්ගේ language එකට translate කරගන්න පුළුවන්.(අවාසනාවකට වගේ සිංහලටනම් convert කරන්න බැහැ.)



  • Easy to use 
              Format factory එක හරිම user friendly software එකක්.කොච්චර features තිබ්බත් අපිට එක button එකක් click කරලා නැත්නම් button 2 ක් හරි වැඩිම වුනොත් button 3ක් click කරලා අපිට ඕන වැඩේ කරගන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි හැම icon එකක්ම text එකකින් highlight වෙලා තියෙනවා.

  • Memory usage
            Format Factory හා සමගාමී media converters එක්ක ගත්තහම format  factory use කරන්නේ ඉතාම පොඩි memory එකක්. Standby වෙලාවට memory එකෙන් 25MB විතර තමයි use කරන්නේ.Cpu එකත් ගොඩක්ම අඩුවෙන් තමයි use කරන්නේ.Convert කරන වෙලාවට වුනත් multi tasking වලට යම් ඉඩකඩක් තියෙනවා.

  • Features
            Features ගැන කතකොරොත් media converter එකකට තියෙන්න ඕන හැම feature එකක්ම වගේ factory format වලත් තියෙනවා.තවත් වැදගත් දෙයක් තමයි මේ software එක file formats ගොඩකට (images වේවා audio වේවා video වේවා මේ හැම එකටම) support කරනවා.මේවට අමතරව shutdown after completion, pausing of conversion,burning from a CD or DVD වගේ options මේ0software  එකේ include වෙලා තියෙනවා.pausing of conversion එක තියෙන්නේ අපිට convert කරන වෙලාවට තව වෙන huge process එකක් execute කරන්න වුනොත් temporary converting process එක නවත්වන්න.convert කරපු video file එකකට subtitles add කරන්න වගේම files දෙකක් එකතු කරන්නත් මේ හරහා පුළුවන්.Burn to CD/DVD කියන option එක නැති එක තමයි මේ software එකේ තියෙන එකම අඩුපාඩුව.



  •  Help and support
             Format factory software එක ගැන කතාකරනවානම් ,එක English සහ Chinese languages වලින් තියෙන screenshots වලින් යුක්තව  app එක use කරන විදිහ දැක්වෙන සර්ව සම්පූර්ණ Read me එකක් එක්ක තමයි අපිට ලැබෙන්නේ.ඒ වගේම self explanatory interface එකක් තියන නිසා අපිට use කරන්න කොහොමටවත් අමාරු වෙන්නේ නැහැ.අනිත් එක මේ software එක ලොකු එකක් නෙමෙයි නිසා portable version එකක් විදිහටත් use කරන්න පුළුවන්.
හරි යාලුවනේ මම දැන් මම දන්නා දේවල් කිව්වා.තව මොනවහරි info තියෙනවනම් මේ software එක ගැන comment කරන්න.දැන් තියෙන්නේ මේක use කරලා බලන එක තමයි...!!!










           

1 comments:

  1. Sorry,link එකේ අවුලක් ගිහිල්ල තිබුණා.දැන් හරි...

    ReplyDelete