Subscribe:

Ads 468x60px

Labels

Saturday, September 29, 2012

Torrentz ෆයිල්ස් ක්ෂණිකව download කරමු...#2



                                   හොඳයි යාලුවනේ Torrentz වලින් direct download කරන්න හොඳ site එකක් මට යාළුවෙකුගෙන් දැනගන්න ලැබුනා.මට හිතුනා ඒක ඔයගොල්ලෝ එක්ක share කරගත්තොත් හොඳයි කියලා.මොකද ඒකෙන් ගොඩක් හොඳ facilities දෙනවා free usersලාටත්.මම කලින් කියපු put.io එකටත් වඩා මේක හොඳයි.මොකද මේකෙන් අපිට එක පාරකට downloads දෙකක් කරන්න පුළුවන්.ඒවගේම limit එකක් නැහැ.ඕනේ නම් TV series එකක් වුනත් fetch කරන්න පුළුවන්.දැන් බලමු මේකේ downloading procedure එක කොහොමද කියලා.

                                 Site එකට මෙතනින් යන්න.ගිහින් Sign up වෙන්න.


                               ඊටපස්සේ Torrentz ගිහිල්ලා තමන්ට ඕන file එකේ link location එක copy කරගන්න.


                                        අනතුරුව copy කරගත්ත link location එක paste කරගන්න.Go select කරන්න.


 
                                           දැන් free click කරන්න.


                                 දැන් ඉතින් තියෙන්නේ fetch කරලා download කරන්න තමයි.එහෙනම් ඉතින් වැඩේ හරි...


 Zip කියන තැන click කරන්න.

යාලුවනේ පොඩි දෙයක් කියන්න ඕනේ.දැනට මගේ blog එක 2500 කට වැඩි ප්‍රමාණයක් බලල තියෙනවා.මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ අලුත් යමක් දැනගන්න ඇති කියලා.ඉතින් කරුණාකරලා මගේ fb fan page එකට like එකක් දාන්න.පුලුවන්නම් blog එක subscribe කරන්න.මේකට කිසිම වියදමක් යන්නේ නැහැනේ.පොඩි උදව්වක් ඉල්ලනේ.එකට support එකක් දෙයි කියලා හිතනවා...
බොහොම ස්තුතියි...!!!















Friday, September 28, 2012

Screen Recording නම් මේක නැතුවම බැහැ...

 
                         අපිට Youtube video එකක් හදන්න screen recording එකක් කරන්න තියෙන හොඳම තමයි මම අද ගෙනල්ල තියෙන්නේ.මේකේ නම Camtasia Studio.නිකමට හිතුනොත් මගේ යාලුවෙක්ට software එකක් install කරන්න හරි මොකක්හරි computer related දෙයක් කරන්න අමාරු වෙලා අපේ සහය පැතුවා කියල.කරන්න තියෙන්නේ camtasia studio PC එකේ install කරලා කරන්න ඕන steps ටික record කරලා send කරන්න තමයි.


                        අපි හිතමු Bucky Roberts වගේ tutorials ටිකක් හදන්න ඕනේ කියල.එත් ඉතින් කරන්න තියෙන්නේ camtasia studio use කරන එක තමයි.විශේෂත්වය තමයි නොදන්නා කෙනෙක්ට උනත් ඉක්මනට කරන හැටි ඉගෙනගන්න පුළුවන් වීම.ඔවුන් එකට tutorials පවා දාලා තියෙනවා.බැලුවා හැදුවා.හරිම ලේසියි.



 එහෙනම් ඉතින් වැඩි කතා ඕනේ නැහැ.කරලම බලන්න.Trial version එක මෙතනින් කරගන්න download පුළුවන්.එහෙමත් නැත්නම් Torrents පිහිට තමයි.Pirate copy එක මෙන්න මෙතනින් download කරගන්න.කරලා කරන්න කලින් එක කරන්න.නියමෙට වැඩ...








එහෙනම් අපි ගියා...



Tuesday, September 25, 2012

දැන් ඉතින් Film Hall ගියා වගේ තමයි...!!!

                           

                         අද මං කියන්න යන්නේ අපි කවුරුත් දන්නා software එකක් ගැන.PC එකේ movie එකක් බලල තියෙන කවුරුත් දන්නවා මම මේ කියන්න යන application එක.Power DVD ගැන තමයි මම මේ කියන්න යන්නේ.මම මේක කියන්න මුලිකම හේතුව තමයි මේකේ ඒ කියන්නේ Power DVD 12 වල අලුත්ම update එක මේ මාසේ release වුනා.මොන open softwares ආවත් එකේ technology එකට ගහන්න අමාරුයි.අනිත් එක interface එකත් ගොඩක් ලස්සනයිනේ.මේ version එක මුලිකවම හදල තියෙන්නේ Blu-ray media files play කරන්න.මොකද දැන් අලුත්ම trend එක Blu-ray නේ.මීට අමතරව 3D technology එකත් use කරලා තියෙනවා.මේක මෙතනින් download කරගන්න.හැබැයි pirate copy එක හොඳේ.නැත්නම් ගිහිල්ල trial version එක download කරගන්න පුළුවන්.

එහෙනම් දැන් බලමු මේකේ new features මොනවද කියලා...


  • Video quality එක ගැන කතාකරොත් Blu-ray,HD,3D කියන හැම එකක්ම අගේට එකේ නරඹන්න පුළුවන්.මේ සඳහා TrueTheater,dlna කියන technologies දෙක cyberlink ආයතනය මගින් introduce කරලා තියෙනවා.

  •  දැනට තියෙන හැම media format එකක්ම Power DVD වල play කරන්න පුළුවන්.
  •  අපේ Laptop එකේ Android Device එකේ Tab එකේ මේ ඕනෙම device එකක මේ software එක use කරන්න පුළුවන්.



                          මේවගේ ගොඩක් features Power DVD වල තියෙනවා.Download කරගෙන බලන්නකෝ.නියම Experience එකක් එක...




Saturday, September 22, 2012

Film බලන අපිට Sublight සරණයි...!!!

                                         ගොඩක් වෙලාවට අපි Movie එකක් බලනකොට අපිට film එකේ subtitles තියෙනවනම් හිතේ හැටියට movie එක බලන්න පුළුවන්.එත් film එකකට match වෙන appropriate ම subtitle එක හොයාගන්න සමහරවිට අපිට අමාරුවෙන්න පුළුවන්.සමහර වෙලාවට අපි download කරන subtitle එක අපිට ඕන language එකෙන් තියෙන්න නැතිවෙන්න පුළුවන්.තවත් වෙලාවකට dvdrip එකේ subtitles වෙනුවට brrip එකේ subtitles download කරලා තියෙන්න පුළුවන්.මෙන්න මේ කරදර මගහරවා ගන්න මම අද ගෙනවා පොඩි software එකක්.මේකේ නම Sublight.මේක මෙතනින් download කරගන්න පුළුවන්.මේකෙන් පුළුවන් අපිට ඕනෙම movie එකක TV series එකක subtitles අපිට කැමති language එකකින් download කරගන්න.ඒවගේම අපිට ඕන film format එක අනුව එකට suit වෙන subtitles හොයාගන්න මේකෙන් පුළුවන්.

                                      දැන් බලමු මේකේ installation process එක. කලින් දීපු link එකෙන් setup file එක download කරගත්තට පස්සේ setup file එක double click කරලා එක install කරන්න.Install වුනාට පස්සේ අපිට settings වගයක් manually හදාගන්න තියෙනවා.දැන් බලමු ඒවා මොනවද කියල.ලේසියට මම ඒවා screen shots විදිහට දාන්නම්.

මුලින්ම අපි setup එක run කරන්න කැමති language එක දෙන්න ඕනේ...හැබැයි Sinhala නම් නැහැ හරිද???


ඊළඟට අපිට ඕන subtitle language එක දෙන්න ඕනේ.


 ඊටත් පස්සේ එන window එකේ අහනවා video එක play කරන්න ඕනේ මොන media player එකේද කියල.එකට අපි None කියන option එක තොර ගන්නවා.මොකද එතකොට අපිට ඕනෙම media player එකක් use කරන්න පුළුවන්.


Subtitle plugins වලට මේ ටික select කරන්න.Finish click කරන්න. 


දැන් හරි.එහෙනම් බලමු දැන් කොහොමද subtitles download කරන්නේ කොහොමද කියලා.
මේකත් screenshots වලින්ම දාන්නම්.

මේකෙදි අපිට එක්කෝ අපේ hard එකේ තියෙන movie file එක drag and drop කරලා auto search  කරන්න පුළුවන්.එහෙම නැත්නම් movie name එක type කරලා manually search කරන්නත් පුළුවන්.දැන් මම පෙන්නන්නම් Haywire(2011) එකේ subtitles auto search කරන හැටි...


මේවගේ ගොඩක් results එනවා.අපිට තියෙන්නේ movie format එකට match වෙන එක තෝරලා download කරගන්න.එහෙනම් අදට මෙච්චරයි...අපි ගියා...









Thursday, September 20, 2012

ඔබේ Mobile Phone එක GSM ද? CDMA ද?

                     

                       අද ලංකාවේ ඕනෙම කෙනෙක් ළඟ තියෙන item එකක් තමයි mobile phone එක.මේක අද නැතුවම බැරි උපාංගයක් වෙලා.කාගෙන්හරි use කරන phone එකේ brand එක ඇහුවොත් කියයි Nokia,Samsung,LG,Apple,Blackberry කියල.එත් හදිස්සියෙවත් phone එකේ band එක ඇහුවොත් කීයෙන් කීදෙනාද GSM හරි CDMA හරි කියල කියන්නේ.ඉතින් මම හිතුවා GSM හා CDMA ගැන මම දන්නා තොරතුරු ටිකක් ඔයාලත් එක්ක share කරගන්න.එහෙනම් අපි වැඩේට බහිමු.



Mobile Phones වල basic technologies දෙකක් තමයි මේ GSM හා CDMA කියල කියන්නේ.ආහ්...තව දෙයක් කියන්න ඕනේ.ගොඩක් දෙනා හිතන් ඉන්නේ CDMA තියෙන්නේ land phone වල විතරයි කියලා.ඒකට හේතුවකුත් තියෙනවා.ලංකාවේ mobile    telecommunication providersලා,ඒ කියන්නේ  Mobitel,Dialog,Airtel,Hutch,Etisalat මේ ඔක්කොම use කරන්නේ GSM technologyඑක.SLT,Suntel,Lanka Bell තමයි CDMA use කරන්නේ.එත් USA ගත්තොත් එහෙ හොඳම mobile telecommunication providers 7න් 5ක්ම use  කරන්නේ CDMA තාක්ෂණය.

                      CDMA කියන්නේ Code Division Multiple Access කියන එකයි. GSM කියන්නේ Global System for Mobiles කියන එකයි.හරියටම කිව්වොත් GSM හා CDMA කියන්නේ cell phone වල signals receive කරගන්න හදපු radio systems දෙකක්.



                     ලොව පුරා භාවිතය ගත්තොත් රටවල් වැඩිහරියක් use කරන්නේ GSM technology එක.1987දි තමයි මේ තාක්ෂණය popular වෙන්න ගත්තේ. ඒකට හේතුව යුරෝපයේ GSM තාක්ෂණය පමණක් භාවිත කලයුතු බවට නීතියක් ස්ථාපිත වුනා.GSM තාක්ෂණය ආයතන කිහිපයක් එකතුවකින් බිහිවුණු තාක්ෂණයක්.මේකට නියම owner කෙනෙක් නැහැ.එත් CDMA ගත්තොත් ඒක Qualcomm කියන chipmaker company එකකට හිමි technology එකක්.ඒකනිසා CDMA තාක්ෂණය use කරන්න මුදලක් ගෙවන්න වෙනවා.එත් GSM තාක්ෂණය නොමිලයේම use කරන්න පුළුවන්.



                    කෙසේවුනත් call quality ඒක ගත්තොත් technologies දෙකේම වැඩි වෙනසක් නැහැ.මොකද network දෙකේම හොඳ GSM ජාල හොඳ CDMA ජාල වගේම නරක GSM ජාල නරක CDMA ජාල තියෙනවා.GSM ගත්තොත් GSM carriers ලා customer information දාලා තියෙන්නේ removable sim card එකක.ඒකනිසා ඕනෙම phone එකකට ඒ sim එක දාලා ඒ customerට තමන්ගේ phone number ඒක use කරන්න පුළුවන්.ඒකනිසා GSM carriersලට customer ව control කරන්න තියෙන අවස්ථාව තරමක් අඩුයි.නමුත් CDMA ගත්තොත් ඒක GSMට වඩා හාත්පසින්ම වෙනස්.CDMA carriers ලා accept කරපු phones විතරයි customersලට  use කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි 3G CDMA networks('EV-Do') හෙවත් Evolution data optimized වලට සාමාන්‍යයෙන් voice calls ගන්න ගමන් data transmit කරන්න බැහැ.GSM වලට නම් මේ activities දෙක simultaneously කරන්න පුළුවන්.හැබැයි GSM වලට වඩා CDMA වල capacity එක වැඩියි.Range එක වැඩියි.Signal strength එකත් තරමක් වැඩියි.මේවා තමයි ප්‍රධාන වෙනස්කම්.



                  මං දන්න තොරතුරු තමයි මේ.ඕගොල්ලෝ අමතර තවත් තොරතුරු දන්නවනම් comment කරන්න.එතකොට අනිත් අයටත් වැඩි දැනුමක් ලබාගන්න පුළුවන්...







Tuesday, September 18, 2012

ඔබේ PC එක safe ද?නැත්නම් මෙන්න විසඳුම...

                    අපේ PC එක කියන්න අපිට තියෙන වටිනාම assets වලින් එකක්.එත් මේකේ ආරක්ෂාවට ප්‍රමාණවත් පියවර අපි අරගෙනද තියෙන්නේ...???මේක මට විතරක් නෙමෙයි අද කාලේ ගොඩක් දෙනෙක්ට  තියෙන problem එකක්.උදාහරණයක් විදිහට ගෙදර තියෙන Laptop එක ගෙදර හැමෝම use කරනවානම් (පොඩි නංගිලා මල්ලිලා) අපි එකේ save කරලා තියෙන important documents,media වල safety එක ගැන අපිට worry වෙන්න වෙනවා.පොඩි නංගි හරි මල්ලි හරි අපේ important file එකක් කරලා තිබ්බොත් මොන දෙයියන්ට කියන්නද?Recycle bin එකේ තිබ්බොත් හොඳයි.එහෙම නැත්නම්... 




            
                   එකට විසඳුමක් අද මං අරගෙන ආවා.මේක පොඩි software එකක්.මේකේ නම තමයි Folder Lock.ලඟදි අලුතින්ම ආපු එක තමයි Folder Lock 7.1.1.Site එකේ තියෙන Free Version එක දවස් 5 කට විතරයි valid.ඒක නිසා මේකේ pirate copy එක මෙන්න මෙතනින් download කරගන්න.මේක file encryption වලටයි data security වලටයි කියපු software එක.මේක අපි download කරගතයුතුම software එකක් මොකද අපි හිතම ඕනෙම security threat එකකට මේකේ solutions තියෙනවා.


   
                  මේ software එක on-the-fly 256-bit algorithm එක use කරලා folders,files encrypt කරලා hide කරනවා විතරක් නෙමෙයි එක අපේ USB drives වලටත් ආරක්ෂාව දෙනවා.මීට අමතරව wallets create කරලා අපේ bank accounts,internet passwords safely store කරනවා.හැබැයි මේ hide වෙලා තියෙන files සහ folders hide වෙලා තියෙන්නේ Folder Lock run වෙලා තියෙන වෙලාවට විතරයි.ඒක නිසා ඒක හැමතිස්සෙම active කරලා තියන්න.හැබැයි hide වෙලා නැහැ කියල secure නැති වෙන්නේ නැහැ.මොකද encrypt files decrypt කරන්න password ඒක ඕනේ...



එහෙනම් ඉතින් මේ software එක use කරලා බලන්න.අවුල දැන් හරි නේද???



Thursday, September 13, 2012

Delete වෙච්ච files ආයි ඕනෙද?එහෙනම් මෙන්න විසදුම...

          
               Windows වල use කරන්න පුළුවන් ගොඩක්ම powerful ඒවගේම user friendly data recovery tool එකක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ.මේකේ නම තමයි Active@ File Recovery.
Ontrack වගේ data recovery tools වලට කරට කර තරඟයක් දෙන්න පුළුවන් user friendly වගේම ගොඩක් options තියෙන සුපිරිම ටූල් එකක් තමයි මේක.අනිත් data recovery tools වගේම fast,deep scan එකක් කරන්න පුළුවන් මේ tool එකෙන්.



විශේෂම දේ තමයි මේක beginnersලට use කරන්න තියෙන පහසුව.උදාහරණයකට Active@ File Recovery එක recoverable files list කරන්නේ ඕනෙම කෙනෙක්ට තේරෙන විදිහට.Document එකක් නම් එක list කරන්නේ 'Microsoft Office Document' කියල.Recognize කරගන්න ලේසියි.





                 
                      හැබැයි Ontrack වගේ tool එකක් music files recover කරහම actual track name එකෙන් තමයි file එක පෙන්නන්නේ.ඒත් Active@ File Recovery  එකෙන් recover කරපු music files වෙනම music player එකකින් play කරලා තමයි use කරගන්න වෙන්නේ.ඒ කොහොම උනත් data recover කරගන්න නියම එකක් tool තමයි Active@ File Recovery .ඒක නිසා  try කරලා බලන්න.







Wednesday, September 12, 2012

Screen Capture කරන ලේසිම විදිය මොකක්ද කියල බලමුද?

                                                    

    මේ software එකේ නම තමයි Snipping Tool.හැබැයි මම දන්නා විදිහට මේක use කරන්න පුළුවන් Windows7 PC එකකට විතරයි.හැබැයි ඉතින් අවුලක් නැහැ අපි ගොඩක් use කරන්නේ windows 7 නේ.පොඩි software එකක් වගේ පෙනුනට මේකේ වැඩ නම් හරි ලොකුයි.බලමු දැන් මේකට යන්නේ කොහොමද කියලා...

Start => All Programs => Accessories => Snipping Tools



 දැන් අපි මේ software එක open කරලා බලමු.එතකොට අපිට මෙහෙම window එකක් ලැබෙනවා.


දැන් එකෙන් තමන්ට capture කරන්න ඕන කොටස තෝරාගන්න.හදිස්සියෙවත් අපිට ඕන විwindow එක නෙමෙයි නම් capture වෙලා තියෙන්නේ cancel click කරලා ඕන window එක open කරලා snipping tool වලින් ආයි capture කරන්න. 
ඊට පස්සේ මෙන්න මේ විදියට තමන් Capture කරපු Screen එක Open වෙනවා... 


දැන් තියෙන්නේ Save As ගිහින් අවශ්‍ය Format(JPEG,PNG,GIF,MHT) එකට අනුව Image එක Save කරගන්න විතරයි.ඒ විතරක් නෙමෙයි අපිට අපේ capture එකේ යම් තැනක් විශේෂයෙන් mark කරන්න ඕනේ නම් pen එක හරි highlighter එක හරි use කරන්න පුළුවන්.Pen එකෙන් හරි highlighter එකෙන් හරි edit කරපු එකක් remove කරන්න ඕනේ නම් Eraser එක use කරන්න පුළුවන්. 



එහෙනම් මේකෙන් maxxa වැඩක් ගමු.අදට එච්චරයි.අපි ගියා....




Tuesday, September 11, 2012

Torrentz ෆයිල්ස් ක්ෂණිකව download කරමු...

 
https://put.io/    



                 Torrentz වල Films download කරන්න ගියහම තියෙන එකම අවුල තමයි seeders ලා කොච්චර ඉන්නවද කියන එක.Seeders අඩුනම් කල්පයක් යනවා download කරගන්න.ඒකට නියම විසදුමක් මම අද ගේනවා.මේකෙන් පුළුවන් අපිට සට සට ගලා අපේ download manager එක හරහා films download කරන්න.මේක තමයි මං කියපු ඒ එක.https://put.io/   

වැඩි කතා නැතුව අපි යමු දැන් මේ site ඒකට.Site Front page එකේ පහලට යනකොට අපිට හම්බවෙනවා...


මේකේ arrow එකෙන් පෙන්නලා තියෙන විදිහට 1G click කරන්න. එතකොට අපිට එනවා මේවගේ window එකක්.


දැන් මේක fill කරලා continue කරන්න. එතකොට අපිට හම්බවෙනවා මේවගේ window එකක්.මේක තමයි වැදගත්ම window එක.මේකේ add new files කියන එක click කරන්න.මොනවද දැන් අපි add කරන files?


දැන් browser එකේ අලුත් tab එකක් open කරලා http://torrentz.eu/i යන්න.කැමති film එක search කරන්න.

 
 දැන් GET THIS TORRENT කියන තැන right click කරලා copy link location select කරන්න.දැන් ආයි dashboard ඒකට ගිහිල්ලා link එක paste කරන්න.මෙන්න මේවගේ...ඊළඟට Next කරන්න.


 මෙන්න මේ එක තමයි අපිට ඊළඟට එන්නේ...Start fetching select කරන්න.


 Next step එක තමයි dashboard එකේ transfers වලට යන එක.Transfers ගිහිල්ලා Go to file select කරන්න.



 එතකොට එනවා මෙහෙම window එකක්.එකේ Download Mp4 හරි Stream using a local player කියන options දෙකෙන් ඕන එකක් තෝරාගන්න.


දැන් වැඩේ හරි.දෙන්න තියෙන්නේ start download කියල තමයි.Rocket වගේ වෙනවා...

මේ post එක කොහොමද?හොඳද?වැඩක් උනාද?comment එකක් දාල යන්න හොඳේ...පුලුවන්නම් facebook එකේ (http://www.facebook.com/ReidMawatheApi) මේ page එකටත් LIKE එකක් දාන්න අමතක කරන්න එපා...