Subscribe:

Ads 468x60px

Labels

Thursday, September 20, 2012

ඔබේ Mobile Phone එක GSM ද? CDMA ද?

                     

                       අද ලංකාවේ ඕනෙම කෙනෙක් ළඟ තියෙන item එකක් තමයි mobile phone එක.මේක අද නැතුවම බැරි උපාංගයක් වෙලා.කාගෙන්හරි use කරන phone එකේ brand එක ඇහුවොත් කියයි Nokia,Samsung,LG,Apple,Blackberry කියල.එත් හදිස්සියෙවත් phone එකේ band එක ඇහුවොත් කීයෙන් කීදෙනාද GSM හරි CDMA හරි කියල කියන්නේ.ඉතින් මම හිතුවා GSM හා CDMA ගැන මම දන්නා තොරතුරු ටිකක් ඔයාලත් එක්ක share කරගන්න.එහෙනම් අපි වැඩේට බහිමු.



Mobile Phones වල basic technologies දෙකක් තමයි මේ GSM හා CDMA කියල කියන්නේ.ආහ්...තව දෙයක් කියන්න ඕනේ.ගොඩක් දෙනා හිතන් ඉන්නේ CDMA තියෙන්නේ land phone වල විතරයි කියලා.ඒකට හේතුවකුත් තියෙනවා.ලංකාවේ mobile    telecommunication providersලා,ඒ කියන්නේ  Mobitel,Dialog,Airtel,Hutch,Etisalat මේ ඔක්කොම use කරන්නේ GSM technologyඑක.SLT,Suntel,Lanka Bell තමයි CDMA use කරන්නේ.එත් USA ගත්තොත් එහෙ හොඳම mobile telecommunication providers 7න් 5ක්ම use  කරන්නේ CDMA තාක්ෂණය.

                      CDMA කියන්නේ Code Division Multiple Access කියන එකයි. GSM කියන්නේ Global System for Mobiles කියන එකයි.හරියටම කිව්වොත් GSM හා CDMA කියන්නේ cell phone වල signals receive කරගන්න හදපු radio systems දෙකක්.



                     ලොව පුරා භාවිතය ගත්තොත් රටවල් වැඩිහරියක් use කරන්නේ GSM technology එක.1987දි තමයි මේ තාක්ෂණය popular වෙන්න ගත්තේ. ඒකට හේතුව යුරෝපයේ GSM තාක්ෂණය පමණක් භාවිත කලයුතු බවට නීතියක් ස්ථාපිත වුනා.GSM තාක්ෂණය ආයතන කිහිපයක් එකතුවකින් බිහිවුණු තාක්ෂණයක්.මේකට නියම owner කෙනෙක් නැහැ.එත් CDMA ගත්තොත් ඒක Qualcomm කියන chipmaker company එකකට හිමි technology එකක්.ඒකනිසා CDMA තාක්ෂණය use කරන්න මුදලක් ගෙවන්න වෙනවා.එත් GSM තාක්ෂණය නොමිලයේම use කරන්න පුළුවන්.



                    කෙසේවුනත් call quality ඒක ගත්තොත් technologies දෙකේම වැඩි වෙනසක් නැහැ.මොකද network දෙකේම හොඳ GSM ජාල හොඳ CDMA ජාල වගේම නරක GSM ජාල නරක CDMA ජාල තියෙනවා.GSM ගත්තොත් GSM carriers ලා customer information දාලා තියෙන්නේ removable sim card එකක.ඒකනිසා ඕනෙම phone එකකට ඒ sim එක දාලා ඒ customerට තමන්ගේ phone number ඒක use කරන්න පුළුවන්.ඒකනිසා GSM carriersලට customer ව control කරන්න තියෙන අවස්ථාව තරමක් අඩුයි.නමුත් CDMA ගත්තොත් ඒක GSMට වඩා හාත්පසින්ම වෙනස්.CDMA carriers ලා accept කරපු phones විතරයි customersලට  use කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි 3G CDMA networks('EV-Do') හෙවත් Evolution data optimized වලට සාමාන්‍යයෙන් voice calls ගන්න ගමන් data transmit කරන්න බැහැ.GSM වලට නම් මේ activities දෙක simultaneously කරන්න පුළුවන්.හැබැයි GSM වලට වඩා CDMA වල capacity එක වැඩියි.Range එක වැඩියි.Signal strength එකත් තරමක් වැඩියි.මේවා තමයි ප්‍රධාන වෙනස්කම්.



                  මං දන්න තොරතුරු තමයි මේ.ඕගොල්ලෝ අමතර තවත් තොරතුරු දන්නවනම් comment කරන්න.එතකොට අනිත් අයටත් වැඩි දැනුමක් ලබාගන්න පුළුවන්...







0 comments:

Post a Comment