Subscribe:

Ads 468x60px

Labels

Saturday, September 22, 2012

Film බලන අපිට Sublight සරණයි...!!!

                                         ගොඩක් වෙලාවට අපි Movie එකක් බලනකොට අපිට film එකේ subtitles තියෙනවනම් හිතේ හැටියට movie එක බලන්න පුළුවන්.එත් film එකකට match වෙන appropriate ම subtitle එක හොයාගන්න සමහරවිට අපිට අමාරුවෙන්න පුළුවන්.සමහර වෙලාවට අපි download කරන subtitle එක අපිට ඕන language එකෙන් තියෙන්න නැතිවෙන්න පුළුවන්.තවත් වෙලාවකට dvdrip එකේ subtitles වෙනුවට brrip එකේ subtitles download කරලා තියෙන්න පුළුවන්.මෙන්න මේ කරදර මගහරවා ගන්න මම අද ගෙනවා පොඩි software එකක්.මේකේ නම Sublight.මේක මෙතනින් download කරගන්න පුළුවන්.මේකෙන් පුළුවන් අපිට ඕනෙම movie එකක TV series එකක subtitles අපිට කැමති language එකකින් download කරගන්න.ඒවගේම අපිට ඕන film format එක අනුව එකට suit වෙන subtitles හොයාගන්න මේකෙන් පුළුවන්.

                                      දැන් බලමු මේකේ installation process එක. කලින් දීපු link එකෙන් setup file එක download කරගත්තට පස්සේ setup file එක double click කරලා එක install කරන්න.Install වුනාට පස්සේ අපිට settings වගයක් manually හදාගන්න තියෙනවා.දැන් බලමු ඒවා මොනවද කියල.ලේසියට මම ඒවා screen shots විදිහට දාන්නම්.

මුලින්ම අපි setup එක run කරන්න කැමති language එක දෙන්න ඕනේ...හැබැයි Sinhala නම් නැහැ හරිද???


ඊළඟට අපිට ඕන subtitle language එක දෙන්න ඕනේ.


 ඊටත් පස්සේ එන window එකේ අහනවා video එක play කරන්න ඕනේ මොන media player එකේද කියල.එකට අපි None කියන option එක තොර ගන්නවා.මොකද එතකොට අපිට ඕනෙම media player එකක් use කරන්න පුළුවන්.


Subtitle plugins වලට මේ ටික select කරන්න.Finish click කරන්න. 


දැන් හරි.එහෙනම් බලමු දැන් කොහොමද subtitles download කරන්නේ කොහොමද කියලා.
මේකත් screenshots වලින්ම දාන්නම්.

මේකෙදි අපිට එක්කෝ අපේ hard එකේ තියෙන movie file එක drag and drop කරලා auto search  කරන්න පුළුවන්.එහෙම නැත්නම් movie name එක type කරලා manually search කරන්නත් පුළුවන්.දැන් මම පෙන්නන්නම් Haywire(2011) එකේ subtitles auto search කරන හැටි...


මේවගේ ගොඩක් results එනවා.අපිට තියෙන්නේ movie format එකට match වෙන එක තෝරලා download කරගන්න.එහෙනම් අදට මෙච්චරයි...අපි ගියා...









1 comments:

  1. තැන්කියු යාලුවා. ගොඩක් වටිනවා මේක. නැත්නම් පණ යනකන් ගූගල් සර්ච් කරන්න ඕනේ අපිට ඕන සබ් එක හොයාගන්න. ඔයාගේ බ්ලොග් එකෙන් මම ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්නවා. ගොඩාක් ස්තූතියි. මම හදවතින්ම සුබ පතනවා ඔයාට දිගටම මේක සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා.

    ReplyDelete