Subscribe:

Ads 468x60px

Labels

Saturday, September 8, 2012

අපිත් Podcasting Service එකක් පටන් ගමුද?

       
           අපිට අපේම කියලා pod casting සේවයක් හදාගන්න දැනගන්න ඕන ඔක්කොම දේවල් දැන් මම කියන්නයි යන්නේ.එහෙනම් ඔන්න අහගන්න.
         
          මුලින්ම බලමු මොකක්ද මේ podcast එකක් කියලා කියන්නේ කියලා.Podcast එකක් කියලා කියන්නේ internet එකට upload කරලා තියෙන digital multimedia file එකක්.මේ digital multimedia file එක portable media player එකකට, අපේ PC එකට download කරගෙන බලන්න පුළුවන්.දැනට දශකයකට පමණ පෙර තමයි මේ pod casting කියන සංකල්පය බිහිවුනේ.මේක මුලින්ම ආධුනිකයන්ගේ විනෝදාංශයක් වුනත් අද වෙනකොට recording industry එකට මේක නැතුවම බැරි අංගයක් වෙලා.සමහර entertainers ලා ජීවත් වෙන්නෙත් මේකෙන් තමයි.අද වෙනකොට podcast සේවාවල quality එක ගොඩක් දියුණුවට පත්වෙලා.එක නිසා දැන් තමයි හොඳම වෙලාව තමන්ගේම කියලා podcast service එකක් පටන් ගන්න.එත් තරගකාරිත්වය වැඩි නිසා ආධුනික broadcastersලට මේක විශාල අභියෝගයක්.නමුත් උත්සහවන්තයා ජයගනී කියලා කියමනක් තියෙන්නේ නිකම්ම නෙමෙයි.දැන් බලමු කොහොමද මේකක් පටන්ගන්නේ කියලා.

  • Podcasting Equipments



              හොඳ quality pod casting service එකක් පටන් ගන්න අපිට හොඳ hardware හා software අවශ්‍ය කරනවා.එකෙන් අපිට හොඳ show එකක් record කරගන්න පුළුවන්. Pod casting සේවයක් පටන්ගන්න යන වියදම ඒක කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවා.ඒ පුද්ගලයට සාමාන්‍ය මට්ටමේ pod casting service එකක් පටන් ගන්න ඕනේ නම් ගාන අඩු microphone සහ free software use කරන්න පුළුවන්.එහෙම නැතුව high quality pod casting service එකක් පටන් ගන්නවා නම් තත්වයෙන් උසස් මිල අධික microphones,headphones,professional audio editing softwares use කරන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් ගොඩක් podcastersලගේ තේරීම තමයි Shure SM7 microphone ඒක.ජනප්‍රිය Maximum Fun කියන podcast network ඒක කරන Jesse Thorn අනුමත කරන්නෙත් මේ microphone  වර්ගය තමයි.එත් මේක $350(Rs.45000) ක් පමණ වෙනවා.ඇත්තටම අපිට මේවගේ විශාල මුදලක් spend කරන්න බැරි නිසා හොඳම දේ තමයි USB mic එකක් ගන්න ඒක.Rs.5000 කට වගේ USB mic එකක් අපිට ගන්න පුළුවන්.ඒවගේම PC එකේ තියෙන internal microphone එකට වඩා සෑහෙන්න හොඳ  quality එකක් මේවයේ තියෙනවා.
               Software පැත්ත ගත්තොත් ඒකට වන වියදම hardware එක්ක බලද්දී සෑහෙන්න අඩුයි.ඇත්තටම අපි ගොඩක් audio mixing සහ editing කරන්නේ නැත්තම් special effect use කරනවා අඩුනම් Audacity වගේ free software එකක් use කරන්න පුළුවන්.ඒවගේම අපේ සේවය remote usersලාටත් spread කරන්න ඕනේ නම් skype හරහා ඒක කරන්න පුළුවන්.ඒකට අපිට skype recorder download කරගන්න වෙනවා.එකේ උදව්වෙන් skype calls record කරගන්න පුළුවන්.

  • Record your first podcast



          Hardware සහ software set කරගත්තට පස්සේ අපිට අපේ first podcast එකේ recording සහ editing කරන්න try එකක් දෙන්න වෙනවා. එකේදී අපිට ගැටළු කිහිපයකට මුහුණ දෙන්න වෙනවා.
          පලවෙනි ප්‍රශ්නේ තමයි වටපිටාවෙන් එන ශබ්ද.මොකද අපි use කරන්නේ quality එක අඩු mic එකක් නම් environmental noise එක reduce කරන්න අමාරු වෙනවා.නමුත් හොඳ mic එකක් use කරනවා නම් environmental noise වලින් එන බාධාව අඩුකරගන්න පුළුවන්.කෙසේවෙතත් අපේ software එකේ filter settings වෙනස් කර කර බලන්න වෙනවා audio quality එක improve වෙනවද කියලා.
           දෙවෙනි අවුල තමයි mic එකේ දෙදරිල්ල.මේකට අපි අපේ recording software එකේ audio levels manually set කරන්න ඕනේ.කොටින්ම කියනවනම් audio levels අඩුකරලා තියන එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.අනිත් එක තමයි presenter හා guest mic ඒකට ගොඩක් ලංවෙලා නොසිටීම.Practical shows දෙක තුනක් කරන කොට මේවා ගැන හොඳ experience එකක් එනවා.එතකොට අපිට හොඳ show එකක් කරන්න පුළුවන්.

  • Post your show



           ඊළඟ වැඩේ තමයි කරපු podcast එක worldwide යවන්නේ කොහොමද කියන එක.ලේසිම විදිහ තමයි podcasting service එකට බ්ලොග් එකක් හදන එක.එතකොට ඒ blog එකේ අපේ recordings post කරන්න පුළුවන්.විශේෂයෙන් wordpress කියන blog සේවය ගත්තොත් එකේ podcasting services වලට විශේෂයෙන් හදපු themes තියෙනවා.අනිත් එක අපිට valid RSS 2.0 feed එකක් තියෙනවා නම් හදන podcasts iTunes වලටත් submit කරන්න පුළුවන්.



  • Other podcast resources
          සාර්ථක podcast service එකක් කරන්න නම් එකේ content එක ගොඩක් හොඳ වෙන්න ඕනේ.එකට තමන්ගේ නිර්මාණශීලී හැකියාව වැදගත් වෙනවා.එහෙමත් නැත්නම් වෙනත් podcasts බලල තමුන්ට හොඳයි කියලා හිතෙන එකක් create කරගන්න ඕනේ.තවත් දෙයක් තමයි podcasts වලට music add කරන එක.CC Mixter,Free Music Archive වගේ sites වලින් නොමිලයේ හොඳ ලබාගන්න පුළුවන්.


         
          මේ කියපු දේවලුත් එක්ක තමන්ගේ කියලා podcast සේවයක් පටන් ගන්න කරන්න.එහෙම පටන්ගත්තොත් අපිටත් කියන්න හොඳේ...!!!


        

0 comments:

Post a Comment