Subscribe:

Ads 468x60px

Labels

Wednesday, August 15, 2012

Google Docs වලින් වැඩ ගමු...



                           අපි හැමෝම වගේ  word processing, spreadsheets and presentations වැඩවලට use කරන්නේ Microsoft Office.Microsoft Office use කරන්න ගිහිල්ලා අපි දැන් හොරුත් වෙලා මොකද අපි ඉතින් පාවිච්චි කරන්නේ pirate copies  නේ.අද මම එකට හොඳ විසඳුමක් ගේනවා.එක තමයි මේ Google Docs කියන්නේ.මේක release  කරලා ටික කාලයක් ගතවෙලා තිබුනත් ගොඩක් අය මේ නමවත් අහල නැහැ.වැඩි කතාවක් නැතුව අපි දැන් බලමු මේ මොකක්ද කියල...


                          Google Docs  කියන්නේ online documents,spreadsheets,presentations,drawings,forms create කරන්න පුළුවන් පොඩි app එකක්.Microsoft Office package එක ගත්තොත් එකෙන් අපිට ලැප්ටොප් එකක ඩෙස්ටොප් එකක් වැඩ කරන්න පුළුවන එත් එකෙන් අපිට real time sharing  පහසුකම ලැබෙන්නේ නැහැ.ඒවගේම Google Docs වගේ නොමිලයේ හම්බවෙන්නෙත් නැහැ.අනිත් වාසිය තමයි අපිට ලෝකේ කොහේ හිටියත් ක්ෂණිකව ඉන්ටෙර්නෙට් ලොග් වෙලා මේ ඕනෙම වැඩක් කරගන්න පුළුවන්.මේ සඳහා අපිට වෙනම software එකක් install කරගන්න අවශ්‍ය නැහැ.ඕන වෙන්නේ free Google account එකක් විතරයි.   ඒවගේම තමන් හදපු doc එකක් ඕනෙම කෙනෙක් එක්ක share කරන්න පුළුවන. නැත්නම් අපි ඒ හදපු doc එක email එකකට attach කරලා send කරන්න එපැයි.මේක online program  එකක් නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකේ ආරක්ෂාව මදි කියලා.ඒ ගැන කිසිම දෙකට බයවෙන්න ඕනේ නැහැ මොකද අපේ docs අපේ username එකෙනුයි password  එකෙනුයි protect වෙලා තියෙන්නේ.

Google Docs package  එක ප්‍රධාන කොටස් 6 කින් යුක්තයි.


  • Documents                                                   
  • Spreadsheets
  • Presentation
  • Drawings
  • Form
  • Table



                        
                             මේවායිනුත් සිත් ගන්නාසුළුම tools 2 තමයි documents සහ spreadsheets.පෙනුමෙන් සාමාන්‍ය එකක් වගේ වුනාට මේකේ සැඟවුණු ලක්ෂණ කිහිපයක්ම අන්තර්ගත වෙලා තියෙනවා.එකක් තමයි මේකේ අපිට  word document එකක වගේ headers,footers දාන්න පුළුවන්.ඒවගේම auto-correct option  එකත් තියෙනවා.මීට අමතරව spell checker  එකක් dictionary එකක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා.අනිත් ප්‍රයෝජනය තමයි  අපිට අපේ doc එක ඕනෙම language එකකට translate කරන්න පුළුවන් වීම.අපි අපේ document එක හදල ඉවර වුනහම Google එකට එක save කරන්න පුළුවන් නැත්නම් word document, PDF, RTF, text හෝ    Open Office Document (ODT) එකක් විදිහට pc එකට download කරගන්නත් පුළුවන්.මේ තියෙන්නේ Google Docs වල web address එක.









                                         http://docs.google.com






                                                                                                                                                                               




       

0 comments:

Post a Comment