Subscribe:

Ads 468x60px

Labels

Sunday, August 12, 2012

මොකක්ද මේ Google Drive?

                    
                      Google සමාගම මගින් ලබාදෙන තවත් අලුත් සේවාවක් තමයි මේ Google Drive (ගූගල් ඩ්‍රයිව්) කියන්නේ.මේ සේවය හදුන්වල  දීලා මාස කිහිපයක් ගතවුනත් ගොඩක් කට්ටිය මේක ගැන තාම හරියට දන්නේ නැහැ.Uni තාම වහල නිසා මට හිතුන මේ ගැන පොඩ්ඩක් ලියන්න.පහත තිබෙන වෙබ් ලිපිනය හරහා ඔබට මෙම සේවාවට සම්බන්ධ වන්න පුළුවන්. 
                                                                   drive.google.com

               

                            කොටින්ම කිව්වොත් මේක තවත් හාඩ් ඩිස්ක් එකක් නමුත් තියෙන්නේ අන්තර්ජාලයේ. ඒ කියන්නේ මේක Virtual Hard Drive එකක්.තවත් විදිහකට කියනවනම් අපේ දත්ත ගබඩා කරලා තබාගන්න පුළුවන් cloud එකක් (cloud computing ගැන දන්නේ නැත්නම් ඒ පිළිබඳව වැඩි විස්තර තව ටික දවසකින් දෙන්නම්...!) .

                  

                    cloud ගබඩා අවකාශය දැන් ගොඩක් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා.බොහෝ සමාගම් මේ හා සමාන සේවාවන් ලබාදෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා.Microsoft's SkyDrive, Apple's iCloud, Evernote, Box ඉන් කිහිපයක්.එත් Google Drive ඒ අතරින් ඉදිරියෙන්ම ඉන්නවා.
           මූලිකවම මේක Google Docs වලින් වර්ධනය වුවක්.මේකේ අපේ documents, photos, music, videos ඕන දෙයක් ගබඩා කරලා තියාගන්න පුළුවන්.මෙම සේවාවට අපේ ජංගම දුරකථනය හා පරිඝනකය සමග සම්බන්ධ වෙන්න පුළුවන්.එක නිසා අපිට ඕනෙම තැනක ඉඳන් අපි ගබඩා කරපු දේවල් පරිහරණය කරන්න පුළුවන්.නිකමට හිතමු අපි අපේ ෆෝන් එකෙන් මොකක් හරි edit කරා කියල.ඒ ඔක්කොම Google Drive එකේ save වෙනවා.ඒ විතරක් නෙමෙයි අපි අන්තිම දවස් 30 දී වෙනස් කරපු දේවල් ඔක්කොම මේකේ පෙන්නනවා.


                    මෙම සේවාවෙන් අපිට නොමිලේ 5 GB ධාරිතාවක් ලබාගන්න පුළුවන්.එත් අපිට ඊටවඩා වැඩි ධාරිතාවක් ලබාගන්න ඕනේ නම් ඒ සඳහා අපිට යම් මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.උදාහරණයකට අපිට 25 GB ධාරිතාවක් ලබාගැනීමට මසකට  $2.49 ක් ද 100 GB ධාරිතාවක් ලබාගැනීමට මසකට  $4.99 ක් ද 1 TB  ධාරිතාවක් ලබාගැනීමට මසකට  $49.99 ක් ද ගෙවන්න වෙනවා.


                                    තවත් විශේෂයක් තමයි මෙම සේවාවට Gmail හා  වෙනත් third-party apps අන්තර්ගතවෙලා තියෙනවා.මීට අමතරව ඇඩෝබි ඉලස්ට්‍රටෙර් ,ෆොටෝෂොප් ඇතුළු විවිධ වර්ගයේ file 30 ක් පමණ මෙහි භාවිත කරන්න පහසුකම් සපයල තියෙනවා.විශේෂත්වය තමයි මේ කිසිම පරිඝනක  වැඩසටහනක් අපේ පරිඝනකයේ ස්ථාපිත නොකර මේ ඇඩෝබි ඉලස්ට්‍රටෙර් ,ෆොටෝෂොප් වැනි file භාවිත කළහැකි වීම.

                  තවත් මෙහි තිබෙන වාසියක් තමයි මෙය ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සමග ක්‍රියාකරවීමට හැකිවීම.නමුත් Apple's iCloud සේවාව ගත්තොත් ඒක use කරන්න iOS මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වෙනවා.Android tablets, iPad , iPhone,phone මේ ඕනෑම ගැජට් එකකින් වෙබ්  බ්‍රව්සර් එකක් හරහා Google Drive වලට පිවිසිය හැක.


                 cloud storage ගැන කතාකරද්දි Dropbox සේවාව එහි ප්‍රමුඛයා විදිහට කටයුතු කරන අතර ඔවුන්ට මිලියන 45 ක පාරිභෝගික පිරිසක් සිටිනවා. නමුත් ඔවුන් ලබාදෙන්නේ 2 GB ධාරිතාවක් පමණයි.එමනිසා ජනතාව ඔවුන්ගේ පරිඝනක දත්ත ගබඩා කිරීම සම්බන්ධ යෙන් තීරණ ගැනීමේදී නිතැතින්ම Google Drive වෙත පිවිසෙනවා.බොහෝ පිරිසක් Gmail සේවාවට සම්බන්ධ වී සිටින නිසා මෙය තවත් වර්ධනය වෙනවා.සාමාන්‍යයෙන් බොහෝ පිරිසකට 5 GB ප්‍රමාණවත් නිසා ඔවුන් තව තවත් Google සමඟ තිබෙන සම්බන්ධතාවය ශක්තිමත් කරගන්නා බව Google සමාගමේ විශ්වාසයයි...



0 comments:

Post a Comment