Subscribe:

Ads 468x60px

Labels

Tuesday, August 21, 2012

Laptop එකට RAM එකක් install කරමුද?



විශේෂයෙන්ම අපි අපේ Laptop එකේ 64bit Windows OS එකක් use කරනවා නම් RAM එකක් install කිරීමෙන් එකේ performance එක සැලකියයුතු ලෙස වැඩිකර ගැනීමට අපිට හැකි වෙනවා.එක නිසා අපි බලමු කොහොමද Laptop එකට තවත් RAM එකක් එකතුකරන්නේ කියලා...
  
මුලින්ම අපි බලන්න ඕනේ අපේ ලැප්ටොප් එකේ RAM එක update කරන්න පුලුවන්ද කියලා...
            







 කේදී මුලින්ම බලන්න ඕනේ laptop එක මේ memory upgrade එකට support කරනවද කරනවානම් කොච්චරකින්ද කියලා.සාමාන්‍යයෙන් Lap එකේ BIOS එකයි motherboard එකයි තමයි මේ add කරන්න පුළුවන් memory(RAM) ප්‍රමාණය පාලනය කරන්නේ.මේ කරන ප්‍රමාණය Laptop වර්ගය අනුව වෙනස් වෙනවා.ඒක නිසා මේක කරනකොට user manual එක බලලා internet search කරලා එහෙම කරන්න ඕනේ.ඒ විතරක් නෙමෙයි මේක බලන අතරේ එකේ Laptop case එක අරින විදිහත් දැනගන්න එක හොඳයි.
                  දැන් බලන්න ඕනේ අපේ තියෙන RAM එක (හෝ දෙක)slot වල install  කරල තියෙන්නෙ කොහොමද කියලා. ඊටපස්සේ අපි බලන්න ඕනේ අපේ Lap එකේ memory type එක ගැන.උදාහරණයකට ඒක DDR එකක්ද DDR2 එකක්ද නැත්නම්  DDR3 එකක්ද කියන ඒක සහ එකේ වේගය ගැන.මේක හොයාගන්න පුළුවන් අපේ system එක boot වෙනකොට Pause, Break හරි Tab කියන keys තුනෙන් එකක ගහලා.නැත්නම් boot එකේ මුල් හරියේදී  Delete+F2 ගහලා BIOS ගිහිල්ල එකෙනුත් memory වර්ගය හොයාගන්න පුළුවන්.

ඊළඟ වැදගත් කාරණාව තමයි අපි RAM  එක upgrade කරන්න ඕනෙද කියන ඒක...
             උදාහරණයකට අපේ computer එකේ Windows XP 512MB RAM එකකින් හරි Windows Vista,Windows 7 1GB RAM එකකින් හරි නම් දුවන්නේ අපි අපේ RAM එක upgrade කරන්න ඕනේ.Upgrade කරන්න කලිනුයි upgrade කරාට පස්සෙයි windows resource monitor program එක  බැලුවම වෙනස තේරෙනවා.

හරි...දැන් අපි බලමු memory එක හයි කරගන්නේ කොහොමද කියලා...මේකට ඕන tools ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ...
                 



 මේකට අපිට මල් ඉස්කුරුප්පු නියනක් ඕන වෙනවා.සමහර වෙලාවට අපිට තරු හැඩයේ ඇන ගලවන්න පුළුවන් ඉස්කුරුප්පු නියනක් ඕන වෙන්න පුළුවන්.මේවට කියාපුම භාණ්ඩේ තමයි තුඩවල් මාරුකරන්න පුළුවන් multi purpose නියනක්. තව අපිට Spudgers ඕන වෙනවා.Laptop එකේ උඩයි පහලයි වෙන්කරන්නත් memory modules ගලවන්නත් එක ඕන වෙනවා.අත් කාචයක් තිබීමත් අපිට අතිරේක පහසුවක්.RAM modules ගලවනකොට කවදාවත් එකේ යටි දාරයේ තියෙන gold plate කරපු connectors  වලින් අල්ලන්න එපා.පොඩි current එකක් ගියත් ඒවා short වෙන්න පුළුවන්.RAM modules ගලවනකොට ඒවා දෙපැත්තෙන් අල්ලන්න.Slots වලට memory module  එක set වෙලා තියෙන්නේ පොඩි plastic clip දෙකකින්.එක ගලවනකොට මේ clip දෙක දෙපැත්තට කරලා එක ගලවන්න පුළුවන්.
ගොඩක් වෙලාවට laptop එකේ memory module එක තියෙන්නේ එකේ යටි පැත්තේ.Laptop එකේ යට කවරේ ගැලෙව්වහම අපිට RAM තියෙන්නේ කොහෙද කියල බලාගන්න පුළුවන්.එත් සමහර models වල RAM එක ගලවන්න එකේ top cover එකත් ගලවන්න ඕනේ.එක ටිකක් හෙමින් සීරුවේ කරන්න ඕන වැඩක්.එත් කරන්න බැරි නැහැ.ඊටපස්සේ keyboard එකත් ගලවන්න වෙනවා.එක ගලවද්දී මතක ඇතුව keyboard එක motherboard එකට connect වෙන  ribbon cable එක  ගලවන්න අමතක කරන්න එපා.keyboard එක   
                              ගලවනකොට එක හයියෙන් ඇද්දොත් මේ  ribbon cable එකට හානිවෙන්න පුළුවන්.දැන් අපිට Laptop එකේ memory slot panel එක දැකගන්න පුළුවන්.දැන් අපිට තියෙන්නේ RAM modules plug කරන්න තමයි.RAM එක දෙපැත්තෙන් අල්ලලා එකේ cut එක slot එකේ cut එකට match වෙන විදිහට තද කරන්න.








   
 මේ post එක ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියල හිතනවා.කොහොමවුනත් පුලුවන්නම් එකක් comment දාලයන්න. එහෙනම් අපි ගියා.සුබ දවසක්...!!!








 
  
                  

 









 

0 comments:

Post a Comment